අන්සතු වෙලා එදාansathu welaa edhaa

Ansathu wela Eda

ඇල්බමය
Ansathu wela Eda

ගී පද

අන්සතු වෙලා එදා පාරලා හිත ඔයා
මිරිගුවක් එය කියා තප්පරෙන් නැති කලා
රෑ පුරා හීනයෙන් මා ලගින් ලං වෙලා
නුඹ අහස මම පොලොවයි වෙනස එයමයි කියා

පපුතුරේ තියා මං ආදරේ කළා මේ හිත දවා
නුඹ යන්න දුර ගියා....//

පුජසනේ තියා රැක ගත්තෙ මා එදා
නුඹ කලේ චෝදනා මම වැරදිමයි කියා
දැන දැනත් නුබෙ වැරදි මා ඉවසලා සෑම දා
ඉන්නේ මා වේදනා පපුතුරේ සගවලා

පපුතුරේ තියා මං ආදරේ කළා මේ හිත දවා
නුඹ යන්න දුර ගියා....//

verse
අපෙ පෙම් පුරානයේ නටඹුන් වෙලා තිබූ
ඒ මතක කිසි දෙයක් ඉතිරි වී නෑ පැතූ
රිද්දන්න ඒ තරම් අමිහිරි ඒ තතූ
නුඹ යන්න මම ඉන්නම් තනිවෙලා මගෙ වස්තූ

අන්සතු වෙලා එදා පාරලා හිත ඔයා
මිරිගුවක් එය කියා තප්පරෙන් නැති කලා
රෑ පුරා හීනයෙන් මා ලගින් ලං වෙලා
නුඹ අහස මම පොලොවයි වෙනස එයමයි කියා

අන්සතු වෙලා එදා පාරලා හිත ඔයා
මිරිගුවක් එය කියා තප්පරෙන් නැති කලා
රෑ පුරා හීනයෙන් මා ලගින් ලං වෙලා
නුඹ අහස මම පොලොවයි වෙනස එයමයි කියා