අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලාansathu oba wetha mage hitha baendilaa

Ansathu Oba Wetha Mage Hitha

ගී පද

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදක් නොකරම වරදෙහි බැඳුනී
සිත සනසාගෙන දුර හිද විඳිමී

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී