අන්න සුදෝ අර පාට වලාanna sudhoo ara paata walaa

Anna Sudo Ara Pata Walaa

ගී පද

අන්න සුදෝ අර පාට වලා
සන්ධ් ‍යාවේ විනෝදේ ප් ‍රීති කෙරේ
හා ප් ‍රීතී කෙරේ
නැළවේවී ආදර සුළඟ වැදී
යස ඕලු පිපීලා නීල ජලේ
හා නීල ජලේ

ආලෙන් මාගේ හර්දේ පිරේ
රස කෝකිල ගීතේ රාවේනී
ගංගා ජලේ මල් පියලි වැටී
පාවේවි කෝමල තාලේනී

මංගල්ලෙකි අද ලෝක තලේ
පෙම් සිහින මවාවී මාගේ ළයේ
හා මාගෙ ළයේ

පූජාසනේ මා ආදරයේහී
මාලිනියේ මා පෙම් සිහිනේ
ආවේ ළයේ සැනසීම පතා මා
කීකරු ඔබ කුල භාර්යා වේ

හඬ දේ හඬ දේ ඒ මාල ගිරා
ගුණ ගයමින් ඔබෙ ආකාස ගැබේ
හා ආකාස ගැබේ

රමණී සොබා රමණී සොබා
සිරි ආනන්දේනි අද පාවේ පාවේ
ආනන්දේනි හද පිනවාලා
ඔබ මාගේ ප් ‍රියාවී සසරේ පවා
ආලේ සදාකල් පවතීවා

සුර ලෝකෙ ප් ‍රසාදේ ඒය ගලා
තිර ආලේ නිසා අප පූජා ප් ‍රියේ
හා හා පූජා ප් ‍රියේ