ගී පද
අන්න බලන් ඉදිකඩ ළඟ
කොක්කු රෑන වගේ ඇවිත්
පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ
හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...//
පුංචි දුවේ නුඹ යනකොට
සුදු පාටින් ඉස්කෝලෙට
පුංචි මගේ අතීතයේ මං තනිවෙනවා...
ලඳු දෙනි මැද දෙවැට දිගේ
දොළ පාරින් එගොඩ වෙලා
මගේ හිතින් මං ආයෙත් පාසල් යනවා...
අන්න බලන් ඉදිකඩ ළඟ .../
එක පුටුවක වාඩි වෙලා
එක පැන්සල දෙකට කඩන්
අකුරු කෙරුව කාලය නෑ ආයිත් එන්නේ...
මං නොදුටුව නව ලෝකය
කිරුළු පලන් රැජින වෙලා
පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ...
අන්න බලන් ඉදිකඩ ළඟ ...//