අනේ යාල්දේවිanee yaaldheewi

Ane Yal Devi

ගී පද

(අනේ යාල්දේවි 
නෑ ගමන් ගියේ නෑ බෝ කලෙකින්
හිස පළඳනාවේ තිබුනා ලියලා
කන්කසන්තුරේ කියලා....//)
අනේ යාල්දේවි.....

පොර කුකුළන් රඟනා දෙමන්සලේ
අපි ආගිය මග තොට වල් වැදිලා
කටු පඳුරු වැටෙන් දුර ඈත ඉමේ
මුතු පවුර ගිලී මුහුදටම ගිහින්....

අනේ යාල්දේවි......

කොට්ට කෙලෙන්ගුයි තල් හකුරුයි
හරි මාත්තුවට ගෙන රස බලලා
නුඹේ සංගුව වදිනා තුරු ඉන්නේ අපි
හැබෑවටම නෑගම් එනකම්....

අනේ යාල්දේවි .......