අනේ මහත්තයෝanee mahaththayoo

Ane Mahaththayo

ගී පද

අනේ මහත්තයෝ අරගෙන ආවාට දානේ
පිං දෙන්නම් නිවනට යන්නට සංසාරේ
මටත් තාත්තෙක් හිටියානම් ඔබ වාගේ
මොනව නොබැබුණත් කමක් නෑ මතු ආයේ //

පුතයි දුවයි දෑත් එල්ලිලා යනකොට 
සෙලවෙනවා මහත්තයෝ අපේ කඳුළු කැට
අපෙයි කියන්නට අම්මෙක් අප්පෙක් නැතිව
විඳින්නට සතුටක් කොහින්ද පුතෙකුගේ හිතට

අනේ මහත්තයෝ .....

අනාත නිවසේ පිවිසුම් දොරටුව ළඟට
ගිහින් යවනවා ඇස් දෙක නොපෙනෙන දුරට
අම්මා තාත්තා කියලා කියන්න රටට
කිසිම කෙනෙකු බලන්න ආවේ නෑ අපිව

අනේ මහත්තයෝ ....