ගී පද
(අනේ කුරුළු කූඩු වලට
ගසන්නෙපා කැට කැබලී
දුකින් හැදූ කුරුළු කූඩුවේ
අපි ඉන්නම් අපේ පාඩුවේ...//)
(අනුන් හැදූ කූඩු කඩා
පවු පුරවා ගන්න එපා...//)
දීග ගෙනා කුරුල්ලෙකුගෙ
සිත කළඹාලන්න එපා
අනේ කුරුළු කූඩු වලට....
(කුරුළු රජෙක් සොයා ගන්න
ඉගිලී යන රෑන මැදින්..//)
වෙනින් ගෙයක් හදා ගන්න
සවිමත් අතු ඉති අතරින්
අනේ කුරුළු කූඩු වලට....//