අනේ ගැටවුනේ නිකං ඉඳපල්ලාanee gaetawunee nikan indapallaa

Ane Gatawune Nikan Indapalla

ගී පද

අනේ ගැටවුනේ නිකං ඉඳපල්ලා 
ළිදේ පනිට්ටුව වගේ මගේ හිත //
මගේම භාරී සමග සවාරී //
යන ඒ කුළුඳුල් දවස අදයි //

ඇදේට අඩියක් තියා ගියොත් හෙම
මඟුල් තුලාවෙන් වැඩක් නැතේ බොල
බලා නොඉඳ  සනහුරේ රිළා රඟ //
රවා බලාපන් වනේ සරා සඳ //

අනේ ගැටවුණේ .....

සුරාමේරයෙත් මරාගෙනයි මම
කිරා වැටී නිදි මරා සිටින්නේ
ගමේ නැතිව වෙන කොහේ ලගින්නද//
තව්තිසාවමයි මගේ කුඩා ගේ //

අනේ ගැටවුණේ .........