ගී පද
(ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය
දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල අහක බල බල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ...///)
(පුංචි මාමගේ කුඹුරෙදී
පැලත් ඉන්දන දවසෙදී...//)
(දණක් මඩයේ එරි එරී
එදා පැල හිටවූ හැටී...//)
තාම මතකයි ඊයෙ වගෙමයි
දෙතොල් අව්වේ සැලි සැලී
ආනෙ ඩිංගක් ඉන්නකෝ.../
(කුඹුක් ගහ යට බට කැලේ
නාන විට දී ඔබ දොළේ...//)
(හිසත් ජලයේ ගිලි ගිලී
දෙඅත් දිය බුං කෙළි කෙළී...//)
දෑස නළවා සිනහ සැලුවා
ළපටි මුහුනේ මල් පිපී
ආනෙ ඩිංගක් ඉන්නකෝ...//