ගී පද
(අන්දර යායේ වැව්තාවල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී...//)
(වළාකුලේ ඩා බිදු තවරා
මහ පොළවට මහ වැසි ගෙනෙනා...//)
දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
පිතු සෙනෙහේ කඳුලැලි සලනා..
අන්දර යායේ......
(තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා...//)
ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
සිදාදියට එන මං තැනුවා...
අන්දර යායේ......