අඬන්නේපා සුදු මැණිකේandanneepaa sudhu maenikee

Andannepa Sudu Manike

ගී පද

අඬන්නේපා සුදු මැණිකේ
මා ඔබ ළඟමයි ඉන්නේ
අඩන්නෙපා සුදු මැණිකේ
මා නැත ඔබ හැර යන්නේ//

රෑ දාවල් යයි ගෙවිලා
මම ඉමි ඔබ වෙත රැදිලා
මධු රස බසකින් නළවා
මම ඉමි පාළුව පලවා

අදමෙන් හෙට සනසන්නම්
මිහිරෙන් මිහිර පොවන්නම්
සැප සම්පත් ගෙන දෙන්නම්
ඔබ සුබ සිහින සැබෑ කරවන්නම්

මල් යහනක සතපන්නෙම්
මල් පැණි පෙරලා දෙන්නම්
මුතුවැල් ගෙළ පළඳන්නම්
රන් විමනක රඳවන්නම්