අනාවැකියක් කියන්නම් මංanaawaekiyak kiyannam man

Anawakiyak Kiyannam Mang

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
නිසල් ප්‍රනාන්දුnisal pranaandhu

ගී පද

සැනසීම විදපූ ආදරය සොදුරූ 
අද මාව දවපූ ගින්දරක් දරුනු 
සත්තයි සූදූ මියෙනා තුරූ ඔබ විතරයි පිවිතුරූ 
මගේ පපුවේ ඉඩ නෑ වෙන කාටවත් මින් මතූ... 

(අනාවැකියක් කියන්නම් මං සංසාරේ කෙලවරක හරි යලි 
එකට ඉපදි එකට මියෙනා පෙම් කරන දවසක් ඇති අපි)...// 

මේ ලොවේ ඔබ තරම් වටින වෙන කවුරුත් නැති තරම් 
හිත නිවන සැනසුමක් තිබුනානම් ඒ ඔබයි රත්තරං 
මට බයක් නෑ මගේ ජිවිතේ මොන අතට පෙරලුනත් 
ඔබට වරදින්නෙපා ලොකයේ කොතැන ජිවත් උනත් 

අනාවැකියක් කියන්නම් මං...//

නිර්දොශි මටම ඇයි දුන්නේ ඔබ මේ තරම් ලොකු දුකක් 
හිනෙකින්වත් එදා ඔබට මා නෑ කලේ වැරැද්දක් 
සාපයක් වි මගේ ජිවිතේ නිරයකට සම වුනත් 
ඔබට වෛර කෙරුවේ නෑනේ මං හදවතින් මියගියත්

අනාවැකියක් කියන්නම් මං...//