අනන්තේananthee

Ananthe

සංගීතය:
ඉන්ෆිනිටිinfiniti
පද රචනය:
සංක Bsanka b

ගී පද

රෑ පුරා සොයනා සිහිනයෙන් එහා වෙලා 
ගව් ගණන් යන්නේ ඇයි ඔබ පිරිහිලා
අනාගතේ මගේ කිසිවෙකු සතු නොවේ
පියාපත් සලා ක්ෂිතිජයෙන් එහා අනන්තේ..
අනන්තේ...

සාගරේ රළ මත සල නොවනා දීපයක් වගේ
මුලා නොවී ලෝකයෙන් හෙලනා දැලේ
ජීවිතය විඳින්න මා ගීතයන් අසා
මා සිහිනයන් සදා ක්ෂිතිජයෙන් එහා අනන්තේ..
අනන්තේ...

පායනා හිරු ලියන් සේ මුළු ලෝකේ අවදිනා
රන් රුවන් නව දිනක් දැන් මා සුරඅතේ
නව හඬක් මා හදින් දසදෙස පුරා
අනන්තේ...