අනන්තයට යනවාමයිananthayata yanawaamayi

Ananthayata Yanawamai

ගී පද

සිහින මවන්නැති අහස උසට තනියම
ලං වෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුනද
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර

සිර වෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉඟිලිලා යමු එක රෑනක

සෑම දේම නිම විය හැක නිමේෂයක
එහෙම වුණෝතින් මොනවා හිතන්නද
සිහින විමන් වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

සිර වෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉඟිලිලා යමු එක රෑනක..//