අනංගයා මං අනංගයාanangayaa man anangayaa

Anangaya Man Anangaya

ගී පද

අනංගයා මං අනංගයා...//
රාමා සීතා එක්වුණේ රාධා ක්‍රිෂ්ණා ළංවුනේ
සාලිය කුමරුට අශෝක මාලාවන් අත්වුණේ
මා නිසයි ලෝකයේ හැම යුවලම එක්වුනේ
අර සුරලොව මනු ලොවේ කොතනත් මගේ බල පෙතේ
අනංගයා මං අනංගයා ...//

තරුණ හදක් හොයනවා මල් හීසර විදිනවා
කුලබලේ නිලබලේ ධනබලේ  පෙන්නලා
අර අතූ පැලේ මාලිගේ පෙම්වතුන් ලං කලා
අනංගයා මං අනංගයා ....//

පැන දුවන්න ඕන නෑ දුක් විදින්න ඕන නෑ
මා ජීවත් වනතුරු මේ පෙම් ලෝකය පාව නෑ
ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ මල්සරා
පෙම්බරා මඟුල් සක්වලේ රජා
අනංගයා මං අනංගයා ....//