ගී පද
නිතරම මදුරු දඟර රෑට පත්තු කළ නිසා
පසුදින නිලංකාර වී ඇස් දෙක රතු වෙලා
ආදරේ ලබා ගන්න පසු දින ඇය වෙත ගියා
ඇස් දෙක රතු වී දැක ඇය මා හැර දා ගියා
(අනංගයා විදින්න මට ඊතලේ.....//)
නැත්නම් පනිනවා ගඟේ
විද්දේ නැත්නම් මං පනිනවා ගඟේ....
ත්‍රිලෝක විජය මන්ත්‍ර කිව්වේ නෑනේ මං එදා
ඇස් දෙක රතු වුණේ ඒ මදුරු කොයිල් දුම නිසා
ඒ බව දන්නේ නැතුව ඇය මා හැර දා ගියා
ලව් එක ගහලා ගියේ මදුරු කොයිල් දුම නිසා
(අනංගයා විදින්න මට ඊතලේ.....//)
නැත්නම් පනිනවා ගඟේ
විද්දේ නැත්නම් මං පනිනවා ගඟේ....
අනංගයා විදින්න මට ඊතලේ.....//
නැත්නම් පනිනවා ගඟේ
විද්දේ නැත්නම් මං පනිනවා ගඟේ....