ගී පද

චිත්‍රපටය : ආශා දෑසින් (1978)

(අනංග රන් හී⁣යෙ⁣ මල් සැරය වැදීලා
හිතක් හිතක ලැගුම් ලබාලා...//)

සමන් ලතාවේ මලක් හිනා..වේ
යොවුන් සිතට නැවුම් සුවඳ ගෙනාවේ
පැතුම් පතාලා පෙරුම් පුරාලා
මැව්ව විමන සෙව්ව සෙවණ පිරීලා

අනංග රන් හී⁣යෙ.... 

වසන්තේ.... දසන්තේ....
සිතේ සතුටු රිදී වලා පාවෙලා
සුගන්දේ.... ගලන්නේ....
අපේ ලොවම සහන් සුවෙන් නෑවිලා

මන්ද පළිඟු රන් මිණි මුතු
දැන් මට ඇත හද ඔබ සතු
යුගෙන් යුගේ ඔබම ලැබේවා

අනංග රන් හී⁣යෙ.... 
සමන් ලතාවේ මලක් හිනා..වේ....
අනංග රන් හී⁣යෙ.... 

සිනාවේ.... උදාවේ....
මගේ දිනිඳු කැළුම් හෙළා මා බලා
පිපීලා.... සැලීලා....
මගේ පියුම ලෙලෙයි දිලෙයි පාවෙලා

රන්ද රන්ද මුව හසරැලි
බන්ධ බන්ධ  රස සිතුවිලි
පෙමින් තුටින් දිවිය ගෙවේවා

අනංග රන් හී⁣යෙ.... 
සමන් ලතාවේ මලක් හිනා..වේ....
අනංග රන් හී⁣යෙ....