ගී පද
(ආනන්දේ වැහි වලාව සලන්න සලන්න වස්සානේ
පොද ඉහින්න වයන්න නටන්න සන්තෝසේ
මල් ගීය විදින්න හදින්ම ගයන්න පෙම් ගීතේ)..//
දේදුන්නේ මගෙ හීනේ හැංගුවේ
ඔයාගේ හිනහවෙන් උදාවූ නුරා පෙම්
මයෙ කෙල්ලේ හැමදාමත් උණුහුමෙන්
ඔයා ලඟ වෙලන්නම් සදාකල් හිඳින්නම්
(ආ මග සෝමින් දොම්නසින් මුදාදී සදා හාදවී
හිතින් වෙන්නොවී සදාදී සුපෙම් ජීවිතේ
එවන් ආදරේ ගයාවී සදානන්ද ගී
ඉතින් ඒ ලොවින් මිදීලා කොහේ යන්නදෝ)..//
ආනන්දේ වැහි වලාව....//
මයෙ කෙල්ලේ හැමදාමත් උණුහුමෙන්
ඔයා ලඟ වෙලන්නම් සදාකල් හිඳින්නම්
දේදුන්නේ මගෙ හීනේ හැංගුවේ
ඔයාගේ හිනහවෙන් උදාවූ නුරා පෙම්