අමුඩේamudee

Amude

පද රචනය:
දිල්ශාන් පතිරත්නdhilshaan pathirathna

ගී පද

(දුන්නු තේ එකට සීනි වෙනුවට 
කලපු ලුණු හැන්දක් ම වැටියං...//) 
ආයුබෝවන් කියන මොහොතේ 
බුලත් හෙප්පුව බිම පෙරලියං 
කොයි තරම් ලස්සන උනත් මට 
ඌට මහ වස කැතට පෙනියං 
කොයි තරම් ලස්සන උනත්
ඌට මහ වස කැතට පෙනියං

පරපුරේ පම්පෝරි දොඩවන 
අම්මගේ කට වචන ගිලියං 
කැස්ස හැදිලා ආත්තම්මට 
වාත පිත තරඟයට කිපියං 
අයියා පණ්ඩිතයා වෙලාවට 
නොඑන්නට වාහනේ කැඩියං 
නොකල හින්දා වැරැද්දක් මට 
තාත්තට වෙන වැඩක් වැටියං 

මකුළු දැල් නැන්දම්ම දෑසට 
කිතුල් මල් වාගේම පෙනියං 
නොහොඹිනා හරුපයක් කියවී 
කාගෙ හරි හිත තදට රිදියං 
මගුල එහෙනං තීන්දුයි දැං 
කීවොතින් හොර කපුව එසැනින් 
අළුත් නෑකං සබා මැද්දේ 
අනේ ඕකගෙ සරම කැඩියං 

අම්මගේ කට වචන ගිලියං 
තාත්තට වෙන වැඩක් වැටියං 
කාගෙ හරි හිත තදට රිදියං 
අනේ ඕකගෙ සරම කැඩියං 

මොකක් හරි හේතුවක් හින්දා
අමුඩෙ අමතක වෙලා තිබියං

දුන්නු තේ එකට සීනි වෙනුවට 
කලපු ලුණු හැන්දක් ම වැටියං 
ආයුබෝවන් කියන මොහොතේ 
බුලත් හෙප්පුව බිම පෙරලියං 
කොයි තරම් ලස්සන උනත් මට 
ඌට මහ වස කැතට පෙනියං 
කොයි තරම් ලස්සන උනත්
ඌට මහ වස කැතට පෙනියං
කොයි තරම් ලස්සන උනත් මට 
ඌට මහ වස කැතට පෙනියං