අම්මේ ඔබේ පුංචි පුතා තවමත් උතුරේ- amme obe punchiammee obee punchi puthaa thawamath uthuree- amme obe punchi

අම්මේ ඔබේ පුංචි පුතා තවමත් උතුරේ- amme obe punchi

ගී පද

අම්මේ ඔබේ පුංචි පුතා තවමත් උතුරේ
සටන් බිමේ ඉදිරි පෙලේ අවසන් සටනේ
රට රකින්න මට සවිබල දුන්නට අම්මේ
නුඹ නිවනට යනවාමයි සැක නෑ අම්මේ

සතුරන්ගේ වෙඩි හඬ ලඟ ලඟම ඇසෙනවා
එතොකොට මගේ හිතේ හයිය තව වැඩිවෙනවා
අම්මේ නුඹ පෙව් කිරිවල සවිය දැනෙනවා
වෙඩි පිට වෙඩි ආවත් ඉදිරියටම යනවා

අම්මේ ඔබේ....

මේ සටනේදි මා මැරුනත් හඩන්නට එපා
රණවිරුවෙකු බිහි කළ විරු මවක් ඔබ සදා
අම්මේ නුඹ බලන්න මම ලඟිදිම එනවා
මෙදා සැරේ යුද්ධය අපි නිමා කරනාවා

අම්මේ ඔබේ....