අම්මේ මං සුර ලෝකෙට එක්කරන් (මුතු අහුර ටෙලි නාට්‍ය)ammee man sura looketa ekkaran (muthu ahura teli naatya)

Amme Man Sura Loketa Ekkaran (Muthu Ahura Teledrama)

ගී පද

අම්මේ මං සුර ලෝකෙට එක්කරන්
යන්න එනකල් පුංචි දෝණි 
අද තනිවීලා ලෝකේ පුරා 
සොයමි ඇස් රතු වෙනකල් හඬලා 
එන්නකෝ අම්මා එනතුරා ඔබේ දූ හඩනවා 
තුරුළු කරගන්නට 

අම්මා අදවත් එන්නේ නැද්ද 
සිහිනේ ඔයා තමා ජීවිතේ ඇති තුරා 
ලෝකේ හොයන එකම දේ 
අම්මගේ සෙනෙහෙන් මිල කල හැකිද කවදාවත් 
අතන නොවේ, මෙතන නොවේ, ඔතන ඇති 
මගේ රත්තරන් අම්මා ඔබම තමා 

අම්මේ මං සුර ලෝකෙට එක්කරන්...

අම්මා අදවත් එන්නේ නැද්ද...

මගේ ජීවිතේට වැඩියෙන් වටින අම්මා 
හොයලා දෙන්න දෙවියනි