අම්මාවරුනේammaawarunee

Ammawarune

සංගීතය:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
පද රචනය:
ධර්මසිරි ගමගේdhharmasiri gamagee

ගී පද

අම්මාවරුනේ… අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ

අම්මාවරුනේ… අම්මාවරුනේ…

සෙනෙහස වැඩි දා සිතද බොළද වේ
ලොවම ආදරෙයි කියා සිතෙයි 
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ

අම්මාවරුනේ… අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා
අම්මාවරුනේ… අම්මාවරුනේ…