අම්මලාගේ හිත හදන්නammalaagee hitha hadhanna

Ammalage Hitha Hadanna

සංගීතය:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
පද රචනය:
උපාලි බණ්ඩාර වීරසේකරupaali bandaara wiiraseekara

ගී පද

අම්මලාගේ හිත හදන්න 
මට මනමාලියො බලන්න
නොගිය තැනක් නෑ
පෙම් කරලා මට බඳින්න 
අපේ ලෝකෙ හදා ගන්න 
ඉඩ දුන්නෙත් නෑ

හැඩ රුව හා සම්පත් ඇති 
කීදෙනෙක්ව මං දුවුටද
හිත රැවටෙන්නෑ
ඔබ වාගේ තවත් කෙනෙක් 
ආත්මෙටම හමුවන්නේ නෑ
එහි සැකයක් නෑ

අම්මලාගේ හිත හදන්න....

ඔහු අතගෙන ඔබ යද්දී 
හිත රිදෙනවා සත්තකින්ම
ඔබ නම් දන්නෑ
මනමාලියො තව හොයනවා 
අම්මා නම් අකමැත්තක් නෑ
මට හරියන්නෑ

අම්මලාගේ හිත හදන්න....