අම්මා තනි වෙනවාammaa thani wenawaa

Amma Thani Wenawa

සංගීතය:
පුලිම ෂෙනාල්pulima shenaal
පද රචනය:
චතුර කෞශල්‍යාchathura kaushalyaa

ගී පද

කඳුළු නෙතු පුරා ඇදෙනවා හොරෙන් දෙන්න මට ආදරේ
ළමැද ගුලිවෙලා හඬනවා හිතින් විඳවලා ජීවිතේ
අම්මේ ඇයි මුවග ගොළු වී ගියේ නෑ වචන තෙරපී ගියේ
ඇයි මේ කඳුළු මගේ ජීවිතේ...

තෙමෙනවා මගේ දෙකොපුල් තව කඳුළු බිඳු වැටිලා
හිනාවෙන්නයි මං හදන්නේ ඒ කඳුළු මකලා
සසරේ මගේ පින් මදි වෙලා ඇති මෙහෙම දුක් විඳලා
හුස්ම මගේ වෙන් වෙලා ගියොතින් පාළුවෙන් 
(අම්මා තනි වෙනවා....//)

දැනෙනවා මේ ආදරේ තව මගේ ළඟ වැතිරී
පෙවූ කිරි ටික තාම මතකයි අම්මා මට ළං වී
සතර මහ දෙව් සාමිනේ මම මේ භවෙන් ගැලවී
අන්තිමේ එක වාරයක් දෙනු වඳින්නට 
මගේ අම්මා ළඟ වැතිරී දෙපා මුල වැතිරී...

කඳුළු නෙතු පුරා...