අම්මා නැති මටammaa naethi mata

Amma Nathi Mata

ගී පද

අම්මා නැති මට කිරි අම්මා වී
කළු‍වර ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූ ඒ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ

පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
උදේට ළිප ළඟ කඩයප්පම් ගොඩ වේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
පණමට දී මගෙ නැණ නෙත් පෑදූවේ

අම්මා නැති මට....

මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුනේ
ඉහිලා බඳවට ගෝමර ලතැවෙන්නේ
බාල යොවුන් හඳ වැහැරී ගේ ඇතු‍ලේ
මා ලද ශිල්පද නුඹ හා එක මුල්ලේ

අම්මා නැති මට කිරි අම්මා වී
කළු‍වර ගෙදරට මිණි පහනක් වී
(දැනගත් දා සිට පෙරුම් පිරූ ඒ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ...///)