අම්මා (මහමායාවරුනේ)ammaa (mahamaayaawarunee)

Amma (Mahamayawarune)

සංගීතය:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
පද රචනය:
ජීනු ධර්මකීර්තිjiinu dhharmakiirthi

ගී පද

උණුහුම මටම දිදී
ඈ හීතලේ නිදි
නෑ තව දුක් කන්ද නිම්මා
තුන් ලෝකයම රැකී
ඈ මහ පිරිත වැනි
සසරම අත් නොහරි අම්මා...

ආදර මව්වරුනේ මහමායාවරුනේ
සුවඳයි මව් සෙනෙහේ ජීවිතේ...

අපි හන්දා මැරි මැරී
ගිනි හංගා කුසයට
නින්දා ඉවසගන්නේ රන් හිරු සේ
නෙත් යුග නොම වෑසු
දරු දුක කෑ ගසා
අඳුරේ විරිය දෙයි එ් ආදරේ..

ආදර මව්වරුනේ මහමායාවරුනේ
සුවඳයි මව් සෙනෙහේ ජීවිතේ...

උණුහුම මටම දිදී...
ආදර මව්වරුනේ...