අම්මා (ලොව දුටුවේ)ammaa (lowa dhutuwee)

Amma (Lowa Dutuwe)

සංගීතය:
උදාර සමරවීරudhaara samarawiira
පද රචනය:
චමින්ද ගමගේchamindha gamagee

ගී පද

ලොව දුටුවේ ඔබගේ ඇසින් අරුතක් ලැබ ඔබගේ හඬින්
තනි මැකුණේ ඔබේ ළඟින් අපි රැකුණේ ඔබේ පෙමින්
අම්මා ආදර අම්මා...////
ඔබ පුද දෙමු හද බැතින් ලොව අන් සැමටම උඩින්...

අප හිනැහෙන විට සතුටත් ඔබමයි අප හඬනා විට සැනසුම ඔබමයි
ඇස් දෙක ඇතුලේ අපව හොවාගෙන ඔබේ ජීවිතයම අපට පුදාගෙන
දිරියෙන් සවියෙන් දිවිය දිනන්නට යහගුණ කිරිකර පෙව්වේ ඔබයි
අම්මා ආදර අම්මා...////
ඔබ පුද දෙමු හද බැතින් ලොව අන් සැමටම උඩින්...

අප දිනනා විට කිරුළත් ඔබමයි අප වැටෙනා විට දිරියත් ඔබමයි
ඔබ ළය සුසුමේ අප උණුසුම් කර නෙත නැගි කඳුළත් අපට වසන් කර
ලොවම නැති වුණත් පවුරක් විලසට අප ළඟ රැඳි සෙවණැල්ල ඔබයි
අම්මා ආදර අම්මා...////
ඔබ පුද දෙමු හද බැතින් ලොව අන් සැමටම උඩින්...