අම්මා කෙනෙක්ammaa kenek

Amma Kenek

ගී පද

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැති
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී //

මමද සැමියෙකි  ඇයට අවනත
දෙදරුවන් ලඟ නිවද සරතැස 
කාලයේ වැලි තලාවේ
සබඳකම් සැඟවුනාවේ 

අම්මා කෙනෙක් ....

අතරමඟ සුනු විසුනු පැතුමක 
මතක මිහිරියි තාම හිත යට 
පරවුනත් මල් අතීතේ 
සුවඳ හදවත සමීපේ

අම්මා කෙනෙක් ....