ගී පද
සෙනෙහසේ අරුත පහදලා ලේ කිරට හරවලා මට පොවා
දුක් ගැහැට උහුලනා අම්මේ
මතු හැම භවයකම පුරා ඔබ හිඳින්න මගේ මව් වෙලා
ඔබේ සෙනෙහස පමණයි සදා මට දැනුණේ සිහිනෙන් පවා.....
හිස සිඹිමින් දුන් ඔවදන් හිත පතුලටම හොඳින් දැනුණා
ගිරි දුර්ග හොඳින් මට පෙන්වා හරි මග පහදා ළඟ හිටියා
මතු හැම භවයකම පුරා....
මට දැනුණේ සිහිනෙන් පවා.....
හිරු සඳු සේ තුන්යාමේ රැකවරණය නිරතුරු සැදුවා
මා වෙනුවෙන් දිවිබර උහුලන් මුළු දිවියම ඔබ කැප කෙරුවා.....
සෙනෙහසේ අරුත පහදලා......