ගී පද
මහ මෙරක් තරම් දුක් ගින්දර උහුලාලා
හැදුවේ මා ඔබ තුරුලේ හංගාලා
සසරේ පින් කෙරුවත් මා බෑ ණය ගෙවන්න කිසිදා
මතු බුදු වෙන්න ලොවේ පින්බර අම්මා මගේ
පණ වගේ රැකගන්නම් දිවි හිමියෙන් මාගේ
(ආදරයේ උල්පත අම්මා......//)
හොඳ නරක කියා දී ඔබ දන් දුන්නා
අමතක වෙන්නේම නෑ මට නම් කිසිදා
දෙවියෙක් වාගේ ළඟ ඉඳ මාගේ
රැක්කා තුරුළු කරන් ඔබේ ඇස් දෙක වාගේ
ආදරයේ උල්පත අම්මා......
වෙනස් වුණත් කොතරම් මුළු ලොකය සැමකල්
ආදරේ වෙනසක් නම් නෑ ඔබේ කිසිදා
උකුලට නාවත් ආදරේ එදා වගෙයි
අම්මා මගේ ලෝකේ මෙතේ බුදුන් වන්නේ
ආදරයේ උල්පත අම්මා......
මහ මෙරක් තරම්.......