අම්මාammaa

Amma

සංගීතය:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

නැති බැරිකම් මගේ දෑසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මා
හැකි පමණින් ඔවදන් දුන්න හින්දා 
හැම මොහොතේ මට හයියක් වුණා
ඔබ වටිනවා මහ මෙර තරම් මට මගේ රත්තරන් අම්මා
හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා...
නැති බැරිකම් මගේ දෑසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මා...

දණ ගාන පොඩි කාලේ තුරලේ හොවා මා
ඔබේ නින්ද සඟවා දමා
දොයි දොයි කියා මාව නිදිකෙරුව තාලේ
මගේ හීනේ කවියක් කළා
හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා...

හිත හයිය ඇති තරුණ මිනිහෙක් උනත් මා
මගේ ගාව ඔබ නැවතිලා
ඔබ අනලා මට කවන බත් කට රසයිනේ
මේ ලෝකේ හැමටත් වඩා
හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා...

නැති බැරිකම් මගේ දෑසින්...