ගී පද
අම්බිලියෝ අම්බිලියෝ පුතා නිදනවෝ
රන් තැටියේ සිනා පෙරා//
පුතුට අරන් වරෝ...
වලාපෙළින් එහා රටේ
ළමා සුරංගනාවෝ//
දේදුන්නේ පාට හොරා
කැකුළු තොලෙන් සුවඳ උරා
සිහින ලොවින් ටිකිරි සිහින
පුතුට ගෙනාවෝ...//
වලාපෙළින් සේල තනා
තරු අමුණා මාල තනා
රන් තැටියේ සිනා පෙරා//
පුතුට අරන් වරෝ...