අඹ රුක් සෙවනැල්ලේamba ruk sewanaellee

Amba Ruk Sewanelle

සංගීතය:
C T ප්‍රනාන්දුc t pranaandhu
පද රචනය:
ආනන්ද ජයසේනaanandha jayaseena

ගී පද

අඹ රුක් සෙවනැල්ලේ 
මේ රන් ඔංචිල්ලේ
පෙම් ගී ගයමින් පදිනට එන්නේ 
මා සුර සියුමැලියේ.....

උඩරට තාලෙට ඔසරිය ඇඳලා මුතු දෙපොටක් බැඳලා 
කන් අග රන් තෝඩු ද ලෙළවාලා සරසවි කුමරි වගේ
සුරතල් සොඳුරී මා අග රැජණි ඔබ මගෙ සුදු සුකුමාලි.....

අඹ රුක් සෙවනැල්ලේ......

දුරුතු මහේ මඳ සුළගේ සැළෙනා අර ළා දඹ අත්තේ
ගිරවිය හා ගිරවා එක තුරුළේ ඔංචිලි පදින ලෙසේ
ගෙළ වට අත ලා පෙම් ගී ගයලා යමු පදිනට ඔංචිල්ලා.....

අඹ රුක් සෙවනැල්ලේ......

වතු සුදු අරලිය මාලා පළඳා ඔබ සරසමි මැණිකේ
නළලේ කොපුලේ දෙතොලේ මී බී මම මත් වෙමි මැණිකේ
තුරු වදුලට වී තුරුලේ නැළවී අපි ගයමු අමර පෙම් ගී.....

අඹ රුක් සෙවනැල්ලේ......