අඹ ගස් යට මල් හැලිලාamba gas yata mal haelilaa

Amba Gas Yata Mal Halila

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

(අඹ ගස් යට මල් හැලිලා
සුව‍ඳේ බැරුවා ඉඳින්ට
ඒ අඹ මල් සුවඳ දිගේ
වන බඹරෝ රොනට එන්න ...//)

මගේ බඹරිය පැලේ දමා
එන්නට බෑ අඹ වනයට
මුසා බසින් මා නොතලා
එන්න සුවඳ මල් හෙවනට...

අඹ ගස් යට .../

බඹරු නැද්ද අඹ වනයේ
ඔබේ සිතට ගතට ඔබින
අන් බඹරුන් ඕනෑ නැ
ඔබයි මගේ පැතුම් විමන....

අඹ ගස් යට ...//