අමාවක කළුවර මකනාamaawaka kaluwara makanaa

Amawake Kaluwara Makana

ගී පද

අමාවක කළුවර මකනා
රන් තරුව විලස එන ගුවන කරා
සෙනෙහෙ පුදා මිහිරියෙ පවසනු මට
මා ආදරෙයි කියා
මා ආදරෙයි කියා

පැමිණෙමි සොම්නස් ගීයක් විලසින්
සත්සර අතරින් සවන පුරා
සෑම දින සබැඳිය ඔබ පවසනවද
මා ආදරෙයි කියා
මා ආදරෙයි කියා

ගිමන නිවන මද පවනක් වීලා
ආවෙමි පෙර දින ඔබව සොයා
ඔබ කවදාවත් නෑ මට පවසා
මා ආදරෙයි කියා
මා ආදරෙයි කියා