අමාවකට අත වනනාamaawakata atha wananaa

Amawakata Atha Wanana

සංගීතය:
නවරත්න ගමගේnawarathna gamagee
පද රචනය:
කවිකීර්ති හිමිkawikiirthi himi

ගී පද

අමාවකට අත වනනා පිච්චමලී
ලමැද නුඹේ කිරි පුසුඹෙන් සිත කැළඹී
පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ
(පිච්ච මලට පැණි ඉහුනද සංකාවේ)//

ලමැද හොවා හද සෙනෙහස දුන්නාට
කුමක් කරන්නද සමනල් හිනාවට
දෑත දිගු කරන්නට බෑ නුඹෙ ලොවට
(වරද මගෙන් සඟවා දෙනු ලෝකයට)//

අවිහිංසක සිතිවිලි සිත බැන්දාට
එකට කූඩු වෙන්නට බැරි පෙර පවට
ඉතින් සාප කරමින් මගේ ඉක්මන් කමට
(එපා විසි කරනු ගින්දර මගෙ පැල්පතට)//

අමාවකට අත වනනා....