අමතලා ආයේ අමතලාamathalaa aayee amathalaa

Amathala Aye Amathala

ගී පද

ඇයි මේ ආයේ අමතලා
දෙන්නේ හේතු කාරණා
ජීවිතේ මගේ අවුළුවා
කෙලෙසදෝ ඉන්නේ හිනැහිලා
ඇයි මා තනි කලේ නැතිවදෝ ළය උණු වුනේ
අමතලා ආයේ අමතලා පාරනා වේදනා

අමතක කරගන්නට ඒ මතකය
අපමණ වෙර දැරුවා
ඒ හැම මොහොතෙම ඇසිපිය සැලුවම
යළි ඔබ සිහිවෙනවා
වෙන් වූ දින එසේ එළි වුණේ නෑ රැය මගේ
අමතලා ආයේ අමතලා පාරනා වේදනා

මැලවුනු හිත ලඟ හදවත රිද්මේ
තව දුරටත් තිබුණා
සෙනෙහස ගැඹුරේ ඔබ නැති පතුලේ
අඳුරට හුරු වුවා
පෙර දිනේ හුරු ලෙසේ ආවේ ඇයි සවනට මාගේ
අමතලා ආයේ අමතලා පාරනා වේදනා

ඇයි මේ ආයේ අමතලා ....