ගී පද
අමතක කරලමු පැරණි කතා
එක්වෙමු ජාතික දියුණ පතා
දැන දැන කීම බැඳෙනුයේ වරදේ
ලොව කළ කළ දේ පල පල දේ...
එක දරු කැල මෙන් සිටිමු මතු
අමුණමු සමගියේ අනගි මුතු
යොදවා දුරදිග ඔබගේ මොළේ
පෙන්වමු මිනිසෙකු සතු වූ බලේ...
අමතක කරලමු...
නව නිපැයුම් අපේ රටෙහි සදා
නව යුගයක් අපි කරමු උදා
සිරිලක් මවගේ අනාගතේ
රැඳී තියෙන්නේ ඔබේ අතේ...
අමතක කරලමු...