අමද්‍යප පුන්‍ය භූමියක් (වග වලස් වෙසින්)amadhyapa punya bhuumiyak (waga walas wesin)

Amadyapa Punya Boomiyak (Waga Walas Wesin)

සංගීතය:
නාලක අංජන කුමාරnaalaka anjana kumaara

ගී පද

වග වලස් වෙසින් කල හදින් 
මත් රකුස් කටින් අත මිදී 
උතුම් මිනිසුනේ අපි ගොඩ නංවමු  
අරුත්බර සාධු දේශයක් 
අමද්‍යප පුන්‍ය භූමියක් 

හීන ලෝකයේ වැනි වැනි කකුළු රංගනයේ 
පාවෙවී සිතින් ලැබුවත් බොළඳ වින්දනේ 
මාරයා මිසක කවුරුද ඔබට ලං උනේ 

දෙතොල් කළු වෙලා ඉරුවේ සඳුන් දුන්නවේ 
දෙනෙත් රතු ගගා බිවේවේ පිරිත් පැන් නොවේ 
මතින් මිදුනුදා පුත ඔබ අතරමං නොවේ 

පිරිස් පෙළ ගැසී උන්නත් මතට ඔබ වටේ 
දුරස් වෙති වහා සම්පත් නැතොත් අත මිටේ 
අකාලයේ නුඹට මිහිදන් වෙමුද මරු කටේ 

වග වලස් වෙසින්....
අපි ගොඩ නංවමු  
අරුත්බර සාධු දේශයක් 
(අමද්‍යප පුන්‍ය භූමියක්)..///