ගී පද
අමා රස පෙම් රසයෙන් කැලතෙමි - ඔබ නැති නම් මිහිපිට නැත මම්
ඔබ නැති නම් මිහිපිට නැත මම් -අමා රස පෙම් රසයෙන් කැලතෙමි
සඳ වතුරෙන් සඳ සිසිල ගෙනා - ඔබ දැකුමෙන් සිත උමතු වුණා
මා ජීවත් වන බව මට දැනුණේ - ඔබ හද සැලෙනා රාවෙන්
සුපිපුණු මල් නටුවෙන් ගිලිහී - මඳ සුළඟින් ඔබ වෙත පැමිණී
ඔබ පා මත විසිරී පරවෙන්නට - මට ඉඩ දෙනු මතුදා