අලුත ගෙනා මනමාලිalutha genaa manamaali

Alutha Gena Manamali

ඇල්බමය
Desaman Malak Wage

ගී පද

අලුත ගෙනා මනමාලි 
හරි ලස්සන හැඩවැඩකම් අද කෙල්ලගේ//
අලුත ගෙනා මනමාලි...

නැන්දා මාමා ගොඩක් සතුටින් 
පිළිගත්තේ දෙපැත්තේම නෑ මිතුරන්//
ප්‍රිය සම්භාෂණයෙන් පසු මංගල සභේදී 
පැවැත්වූ කතා වලටත් සවන් දුනි 
අලුත ගෙනා මනමාලි...

පුංචි මාමා නැගී සිටිමින් 
අවවාද රැසක් දුනි දේශනයෙන්//
දරු මලු ගොඩක් ලැබේවා නව යුවලට 
කිව්වම කට කොණකින් හිනාවුණි 
අලුත ගෙනා මනමාලි...

නෑ සියන් පිට වූ සැණෙකින්ම 
නැන්දම්මා ඇවිත් ඉඳ ගත්තේ ළඟින්//
දරු මල්ලෝ දෙකක් අපට හොඳටොම 
ඇති නේද දුවේ කියමින් වැළඳගති
අලුත ගෙනා මනමාලි... 
   
අලුත ගෙනා...