ගී පද
(අලුත් සඳ යලි නැඟෙන්නේ
කළුවරේ ඇයි තැවෙන්නේ......//)
සුවඳ මල් හෙට පිපෙන්නේ
(ඉතින් කුමටද හඬන්නේ...//)
(හිනැහෙමු අපි හිනැහෙමු
සැනසෙමු අපි සැනසෙමු....//)
(කටු පඳුරු ගල් කොතෙක් තිබුණත්
ගලන ගඟ නැහැ නැවතුනේ...//)
ආදරේ වේදනා පුරවා
තැවුණු සිතමයි පැරදුනේ.....
අලුත් සඳ ....
(කඳුල සිනහව උරුම දිවිමග
දුක ලඟයි සැප හිමි වුනේ....//)
ආදරේ සුන්දරයි මිහිරියි
ඔබට ජය වෙයි හෙට දිනේ.....
අලුත් සඳ ....