ගී පද
තහනම් කරපු ආදරේ අයිතිවාසිකම්
නුඹ ගෙන් ලැබුව කාලේ එදා
සතුටින් මවපු හීනයේ මිහිරි මතකයන්
රිදුමක් බවට පෙරලා තියා
හැරදාලා ගියත් - හැමදා නිතරමත්
නුඹටයි පළමු තැන දුන්නේ
මේ ජීවිතේ
(අළුත් කතාවක් අරඹන්න
හිතක් නෑ තව මං ගාව
දහස් වතාවක් හැමදාම
කෙනෙක් නෑ වෙන සිහි වෙන්න)//
හැඩට අකුරු ගලපා ලියූ නොමැකෙනා වදන්
නුඹෙන් පිරුණු මාගේ හිත් පොතේ
පිටුව පිටුව ගලවාලනු කෙලෙසකින්ද මං
වෙනස් වෙන්න හිතලා නුඹ වගේ
හැරදාලා ගියත් - හැමදා නිතරමත්
නුඹටයි පළමු තැන දුන්නේ
මේ ජීවිතේ
අළුත් කතාවක් අරඹන්න....//
නොදැනි තෙමෙන දෑසේ රැඳී කාලෙකට කලින්
ඇවිත් උන්නෙ කවුදෝ නුඹ වගේ
කියපු කරපු හැමදේ ඉතින් අතීතයට නම්
පැතුම් පිරුවෙ ඇයිදෝ මේ හිතේ
හැරදාලා ගියත් - හැමදා නිතරමත්
නුඹටයි පළමු තැන දුන්නේ
මේ ජීවිතේ
අළුත් කතාවක් අරඹන්න....//