අලුත් ආදරේaluth aadharee

Aluth Adare

සංගීතය:
තිසර බණ්ඩාරthisara bandaara
පද රචනය:
දුමින්ද අලහෙන්ද්‍රdhumindha alahendhra

ගී පද

සීතලෙන් මා හැඟුම් ගිනි වැදී 
ආදරෙන් පිරිමදී 
තනිකමින් පාලුවෙන් මත් වෙවී 
මතකයන් යුග වදී 
මා හදින් දුක් සුසුම් විඳ ගමී 
ඔබට රිදවුම් නොදී 
සැනසුනා නම් මගෙන් ඔබ මිදී 
මට ඉතින් ඒ ඇතී 

දිනක් ගෙවමින් නැගෙන රාත්‍රියේ 
සඳක් සිතිවිලි ගෙනා 
හෙටක් සොයමින් දැවෙන නේත්‍රයේ 
දියක් දළ රැලි තනා 
මේතරම් වේදනාවන් පිරී 
සිතක් නැත තව වෙනා 

සීතලෙන් මා හැඟුම් ගිනි වැදී 
ආදරේ පිරිමදී 
තනිකමින් පාලුවෙන් මත් වෙවී 
මතකයන් යුග වදී 

තවත් තනිවී ලැගුම් කළුවරේ 
ඉරක් දිදුලන තැනා 
ඔබත් නොදනී අලුත් ආදරේ 
හෙටත් ඔබටම උනා 
මේතරම් වේදනාවන් පිරී 
සිතක් නැත තව වෙනා 

සීතලෙන් මා හැඟුම් ගිනි වැදී 
ආදරේ පිරිමදී 
තනිකමින් පාලුවෙන් මත් වෙවී 
මතකයන් යුග වදී 

මා හදින් දුක් සුසුම් විඳ ගමී 
ඔබට රිදවුම් නොදී 
සැනසුනා නම් මගෙන් ඔබ මිදී 
මට ඉතින් ඒ ඇතී