ආලෝකයක්aalookayak

Alokayak

සංගීතය:
දසුන් මදුශාන්dhasun madhushaan
පද රචනය:
හිමාලි ලියනගේhimaali liyanagee

ගී පද

ආලෝකයක් නෑ මා දුටු පෑයු ඉරක් වේ මා සතු...//
නුඹ සේම උණුසුම් නුඹ සේම නිකැලැල් දෙව් ලෝක නෑ ඇත්තේ
සිප ගත්තාම රහසේ වින්ඳාම සිතු සේ ළං වෙලා ආදරයෙන්.......
ආලෝකයක් නෑ මා දුටු පෑයු ඉරක් වේ මා සතු...//

ඈත අහසේ ඉඩ ඇති එනවාද පියඹා බිය නොවී
මුළු ලෝකේ පිබිදි එක සැරේ ඉන්න කිව්වා නොගිහින් කළුවරේ
නුඹ පෝදා පෑයු සඳ වගේ මේ ජීවිතේ රාත්‍රිය ඉන් දිලේ
සුහදේ සුහදේ තුති වේවා තුති වේවා
සොඳුර සොඳුර තුති වේවා තුති වේවා......

සීත මීදුම් කඳු මැදින් එන්න පාව යන්න සුළඟ වී
දෑසේ රූ රාත්‍රිය වැටී නුඹ නේද කඳු මිස සුසීත
නුඹ මේ දැන් ඉපදී බිළිඳෙකි සීමා නෑ ස්නේහේ මට දෙනා
සුහදේ සුහදේ තුති වේවා තුති වේවා
සොඳුර සොඳුර තුති වේවා තුති වේවා......

ආලෝකයක් නෑ......