ගී පද
(ඇල්හේනෙ පැල් රකිද්දී - කුඹුරේ කරල් කපද්දී
ඔබ කීව ගීතිකාවෝ - මට නෑ ප්‍රියේ ඇසෙන්නේ...//)
මල් රේණු රේණු උරලා - පැණි බොන්න ආව බඹරා
වගෙ හැංගිලාම ඉදලා - ඔබෙ ගීත මිහිර විඳලා
මම ගියෙ සුසුම් හෙලාලා
වන මල් නෙලා ගෙනල්ලා - ඔබෙ රූපෙ වාගෙ හදලා
මම ඒක ඉම්බ තාලේ - ඔබ නෑ දයාවි දන්නේ
පොඩි පරවියෙක් ඇවිල්ලා - මගෙ කන ළගින් ගිහිල්ලා
මොනවාද රහසෙ කීවා - උන් එව්වේ ඔබද මිහිරේ
මගෙ දෝතෙ මල් පිපීලා - හොඳ පාට පාට වීලා
තිබුණා එදා නිදද්දී - තේරෙන්නෙ දැන්නෙ සිහිනේ
තේරෙන්නෙ දැන්නෙ සිහිනේ
ඔබ තනිව උන්න යාමේ - ඔබ තනිව බැන්ඳ ප්‍රේමේ
නොකියා ගියේ සුදෝ ඇයි - දැන් නම් අනේ ප්‍රමාදයි
හිත මාගෙ දෙන්න කියලා - මම ආමි ප්‍රේමි සොයලා
ආවේ ප්‍රියා පමා වී - දැන් නම් පලක් නොවේවී
දැන් නම් පලක් නොවේවී
ඔබ ඉන්න පැත්තෙ ඉඳලා - එන සුළඟ මම සිඹිනන්ම්
මේ ජීවිතේදි බැරි නම් මතු ජාතියෙදි ලබන්නම්
මේ වන් දුකක් නොවේවා - ප්‍රේමෙන් දුකක් නොවේවා
මෝරාලා බැන්ඳ ආලේ - මතුදාත් ඔබ ලැබේවා