ආලෙන් වෙලා ගන්නaalen welaa ganna

Alen Wela Ganna

සංගීතය:
මාධව හේවාවසම්maadhhawa heewaawasam
පද රචනය:
මාධව හේවාවසම්maadhhawa heewaawasam

ගී පද

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා......

මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට චෝදනා
මම මෑතින් ඉඳන් වින්දා ඉන් වේදනා
ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා.....

පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි මගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ......

ආලෙන් වෙලා ගන්න......