ගී පද
ආලෙන් ලැබුව ලතැවිල්ලේ
කාටත් හොරා දුක් විල්ලේ මාගේ
හිතටත් රහසේ
ආයෙත් වරක් ඔය තුරුලේ
ආසයි ගුලිවෙන්න මුල්ලේ මාගේ
අවසන් මොහොතේ
ඔබ රෑ අහසේ තරුවක් වාගේ
මට මේ පොලොවේ දුක විතරයි
රත්තරනේ........
( මං පරක්කු නෑ සාරධා -- ඔබ කරද්දි ආරධනා -- අපි කරාපු ආයාචනා නම් වැරදුනා....// )
මා පැරදී නොයයි
කිසිම දා දැවටී නොයයි
ඔබ නිසා දැන් මා තනිවීලා යයි
මා ලොව වේදනයි
යළි ඔයා නොඑනා හැඩයි
ඔබගේ නමින් මා මියැදීලා යයි
ඔබ රෑ අහසේ තරුවක් වාගේ........
මං පරක්කු නෑ සාරධා //
මා ආස දේ ඔබයි
ලබන ආත්මයේ මටයි
ඔබ මගේ වෙන්න ඕනෙමයි
මේ මගේ කතාවයි
අවසානය අද නිමාවයි
ඔබ මගේ ආයාචනාවයි
ඔබ රෑ අහසේ තරුවක් වාගේ......
මං පරක්කු නෑ සාරධා.....//