ආලයේ ගාථාaalayee gaathhaa

Alaye Gatha

සංගීතය:
කසුන් කල්හාරkasun kalhaara
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

ආලයේ ගාථා සජ්ජායනා කළා 
ආලයේ මන්ත්‍ර සියවරක් ජප කළා 
චණ්ඩාල වශී බන්ධනයෙන් 
හද බැඳ තබා සාදුතර ස්වප්නයට 
නිගා දී ඔබ ගියා……

ස්නේහයේ චුම්බනය නළල මත වගුරුවා
ආලිංගනය සුරස මතක පොත තුල හොවා
ප්‍රේම ආරාමයේ කැණි මඬල බිම හෙලා
චාරුතර වසන්තය නිමා කර ඔබ ගියා......

සුපුෂ්පිත හදවතේ සුගන්ධය විහිදුවා
සුරක්ෂිත දොරටුවේ සෙබල මුළු විසුරුවා
ප්‍රේමයේ අභය භූමියේදි මා නසා
මධුර මධු කුසලාන කඩා බිඳ ඔබ ගියා......

ආලයේ ගාථා......