ආලවන්ත නෙත් විදාaalawantha neth widhaa

Alawantha Neth Wida

ගී පද

ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා
සඳකින්දරී සුන්දරී මුතු පලස මත දිදුලනා
මනබන්දනී නන්දනී මුතු පලස මත හිනැහෙනා

සඳකැන් හොරෙන් මුව තවරලා
මල් මල් ගවුමකින් ගත සරසලා
ඉඳිකඩ උඩින් තරුනෙත් වසා
මතකයි තවත් අපි හිනැහුණා
මතකයි .... තවත් ඔයා හිනැහුණා

සිහිලැල් සුළං රැල්ලක එතී
වනමල් උයන් හැරදා අප සිටී
මතකෙන් මකා අපි පෙම් කළ හැටී
මතකයි ඔයා මං හැරගිය හැටි
මතකයි .... තවත් ඔයා හිටි හැටි

ආලවන්ත නෙත් විදා ....